Monday, November 1, 2010

රට කතාවක්

මේ දවස්වල විශ්ව විද්‍යාල තමයි ප්‍රධානම කතා තේමාව. ඉතින් ඒ ගැන ටැබූ රාමචන්ද්‍ර ලියපු දේවල් කියවල ඒ ගැන ලියන්න හිතා ගෙන ඉන්න කොට එකමත් එක රටකින් අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුන.
ඒ රට දුප්පත්. රජ පවුලක් තමයි ඒ රට පාලනය කරන්නෙ. රජතුමා ඒ රට ආශ්චර්යයක් කරන්න පුදුම මහන්සියක් ගන්නෙ. රටේ ගොඩක් මිනිස්සු ඒක දන්නව. ඒක දන්නෙ නැතුව රජතුමත් එක්ක තරහ වුනු ටිකම ටිකක් මිනිස්සුත් ඒ රටේ ඉන්නව.
ඉතින් ඔන්න ඒ රට දුප්පත් නිසා කොරියාව ද මොකක්ද කියල( හරියටම මතක නෑ) රටකට යන්න ඒ රටේ කොල්ලො පුදුම විදියට දගලන්නෙ. ඒ නිසා විභාගයක් තියල යන්න ඕන අය තෝර ගන්න ක්‍රමයක් ඒ රටේ තියෙනව. ඒ ක්‍රමේ තියෙන්නෙ රජ වාසලේ කේවට්ට උන්නාන්සෙලගෙ නියමයෙන්  අර කියපු රටට පලව හරින්නම ඕන කියල නියම නොකරපු වාසනාවන්තයන්ට.ඉතින් ඔය විභාගෙ තියන්න තෝරගෙන තිබුනෙ අගනුවර තියෙන ප්‍රසිද්ධ පාඨශාලා කිහිපයක්.
පුදුම විදියට කොල්ලො ඇවිත්. අතේ ගෙනියන දුරකථන ගෙනියන්න දෙන්නෙ නෑ කියල ‍එතන රජමාලිගාවට ගියා වගේ පරීක්ෂාව. යට ඇදුම් අස්සෙ සපත්තු මේස් අස්සෙ දාගෙන ඒව ගෙනියන්න හැදුව කියලයි ආරංචිය. එහෙම ගෙනියන්නෙ මොකටද කියල හොයල බලද්දි ඒ විභාගෙ ප්‍රශ්න වල‍ට උත්තර ඇස් ඇම් ඇස්  කරන හොර ක්‍රමයක් තියෙනවලු. එකට ඒ රටේ කාසිවලින් 30000ක් විතර යනවලු. මෝඩයො නේද එක ඇස් ඇම් එකකට එච්චර වියදම් කරන්න!!

ඔය අතරෙ සුදුපාට ඇදුම් ඇද ගත්තු අවු දාසයේ දාහතේ කොල්ලො හොරාට ඒ ජාතියෙ දුරකතන ඇතුලට ගිහින් දීල සල්ලි ගත්ත කියලත් ආරංචියි.