එස් බී මහත්තයා මේ දිනවල ඉතා කාර්යබහුල වී ඇත. නිතර නිතර අපේ මාධ්‍ය මහත්තරු ද ඔහු සොයා යති. දින දෙකකට වරක්වත් ඔහුගේ ශ්‍රී මුඛයෙන් පිටවන රටක් වටිනා වදන් අපේ මාධ්‍ය තලු මරා රස විදියි.
ඉතා ගැඹුරින් පවතින තත්වය විමසා බැලුවහොත් පසක් වන සත්‍ය වනුයේ යන එන මං නැතිව දේශපාලනයේ නන්නත්තාරව සිටි එස් බී ආණ්ඩුවට රිංගන්නේ රාජපක්ෂලා වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට සැදී පැහැදී ගෙනය. චන්ද්‍රිකා වෙනුවෙන් ද එස් බී කළේ එයම ය.
මහින්ද ඉතිහාසය අමතක කර සියවස් ගණනකට රාජකීය සිහිනයක් දකියි. ඒ සිහිනය වෙනුවෙන් ඔහු ඉදිරියේ ඡන්දය දුන් හෘද සාක්ෂියක් සහිත මිනිසා සෑම ගත වන තත්පරයකදීම නොමරා මරයි.
අද එස් බී ට භාර දී ඇති ජොබ් එක එම සිහිනයට අවශ්‍ය පසුබිම නිර්මානය කිරීමයි. ඒ සදහා අද ඔහු දුප්පත් දෙමාපියන් දහඩිය කදුලින් උපයන සොච්චමෙන් අමාරුවෙන් සරසවියට