ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු හා කැනඩා ඇතුලු යුරෝපීය රටවල් මේ වන විට රාජපක්‍ෂ පවුලේ විදෙස් දේපල තහනම් කිරීමට තිරණය කර ඇත.ඒ පිළිබද ඇමරිකානු රජයේ තිරණය දැනුම් දෙමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජාත්‍යන්තර මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් පවත්වා ගෙන යනු ලබන දූෂණ විමර්ශන පරීක්ෂණ සදහා සහයක් වශයෙන් මෙය සිදු කළ බවයි.රාජපක්ෂ වරුන්ගේ දිගු පාලන කාලයෙන් පසුව ඇතිවූ දේශපාලනික අරාජිකත්වයෙන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මෙම රාජ්‍යය පිළිබද පසුගිය දා Newyork Times පුවත්පත දිගු විශ්ලේෂණාත්මක ලිපියක් පළ කර තිබූ අතර අප බ්ලෝග් අඩවිය පරිශීලනය කරන පාඨක ඔබගේ පහසුව සදහා එහි සිංහල අනුවාදයක් පළ කිරීමට අප කටයුතු කරමු.
"ශ්‍රී ලංකාව යනු පසුගිය සමයේ ජාත්‍යන්තර දේශපාලනයේ ඉතා උනුසුම් ලෙස සාකච්ඡාවට ලක් වූ මාතෘකාවකි. සිය රාජ්‍ය පාලකයාට එරෙහිව මාස දෙකක් පුරා අඛණ්ඩ විරෝධතාවය පළ කිරීමෙන් අනතුරුව විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවු මෙහි තත්ත්වය වර්තමානය වන විට බොහෝ දුරට සාමකාමී වී ඇත. ජනතා විරෝධය හා ජාත්‍යන්තර බලපෑම් නිසා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට ශ්‍රී ලංකා ජනාධිපති නාමල් රාජපක්ෂ තීරනය කිරීමන් පසුව තත්ත්වය සාමකාමී අතට හැරුණි.
රාජපක්ෂවරු ශ්‍රී ලංකාවේ දේශපාලනයට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් සමයේ සිට සබදකම් පැවැත්වූ නමුත් රාජ්‍ය නායකත්වයට රාජපක්ෂ වරයෙක් ප්‍රථම වරට පත්වන්නේ 2005 වර්ෂයේ දීය. ඒ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයගේ පියා වූ වර්තමානයේ බ්‍රිතාන්‍යයේ ජීවත්වන මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු එහි දී ඉතා තියුණු තරගයකින් විපක්ෂ අපේක්ෂකයා පරදවා ජය ගත් නමුත් සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දුව වූ එවකට පැවැති ද්‍රවිඩ තරුණයන් වෙනම රාජ්‍යයක් ඉල්ලා ගෙන ගිය කැරැල්ල මැඩ ජයග්‍රහණය කිරීම නිසා ඔහු අතිවිශාල ජනප්‍රියත්වයකට පත්විය. එෙහත් යුධ ජයග්‍රහණයේ උණුසුම යන්නටත් මත්තෙන් කැදවූ ජනාධිපතිවරණයට අනපේක්ෂිත ආකාරයට යුධ ජයග්‍රහණය සදහා හමුදාව මෙහෙය වූ හමුදා පති ජෙනරාල් සරත් ෆෝසේකා අභියෝගයක් නොමැති සටනකට අභියෝගයක් වෙමින් ඉදිරිපත් වූ අතර ඔහු මැතිවරණයේ දී පරාජය කළ මහින්ද රාජපක්ෂ ඉන් නොනැවතී ඔහු සිරභාරයටද පත් කළේය. රාජපක්ෂ පාලන සමයේ අවසානය තෙක්ම විවිධ චෝදනා රාශියකටම වරදකරු වී සිරගත ව සිට වයෝවෘධ සිර කරුවෙකු ලෙස ෆොන්සේකා මහතා පසුගිය දා නිදහස ලැබීය.
දෙවන වරටත් ජනාධිපති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතිබහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක බලය හිමිකර ගැනීමෙන් අනතුරුව සිය විධායක බලය වැඩිකර ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිහිපවරක්ම සංශෝධන ගෙන ආ අතර ඒ තුලින් ශ්‍රී ලංකා ජනාධිපති ධූරය වර්තමානය වන විට ලෝකයේ රාජ‍්‍ය පාලකයෙකු සතු විශාලතම බලතල සහිත ධූරය බවට පත් විය. මේ අතර ඔහුගේ දෙවන ධූර කාලය තුළ රටෙහි ප්‍රකටව පෙනෙන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවන බවට වූ ජනමතයක් ගොඩනැගීමට හැකි වූ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් සිදුවිය. එහෙත් මේ කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය දැඩි පිරිහීමකට ලක් වූ අතර විපක්ෂ දේශපාලනය යන්නක් නොමැති තත්ත්වයට පත් විය. ඒ තුළ තෙවන වරටත් ජනාධිපතිවරයා බවට පත් වීමට මහින්ද රාජපක්ෂ සමත් වූ අතර එම මැතිවරනය දී ඉතා විශේෂයෙන්ම කැපී පෙනුන කාරණය වූයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 20%ක් වත් භාවිතා නොවීමයි.
නමුත් තෙවන ධූරකාලය එතරම් සාර්ථක එකක් නොවූ අතර රාජපක්ෂ පවුල වෙත දූෂණ චෝදනා එල්ල වීම ඉතා ප්‍රබල ලෙස සිදු විය. අංකුර වශයෙන් විපක්ෂ දේශපාලනය හිස ඔසවමින් තිබූ අතර එය මර්දනයට ඉතා දැඩි ලෙස මිලිටරි යාන්ත්‍රණය යොදා ගැනීම තුළ රාජ්‍ය පාලනයේ පීඩනය සාමාන්‍ය සමාජය මත ඉතා ප්‍රබලව දැනෙන්නට ගත් යුගයක් ලෙස මෙය සැළකිය හැකිය. ආර්ථික කළමනාකරණය සම්බන්ධ ගැටළු පැන නැගුණු අතර දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම වැනි ගැටළු නිසා අන්ත පීඩනයකට ඇද දැමූ සමයක් විය. මේ තුළ ශ්‍රී ලංකා දේශපාලනය නොසන්සුන් වීම ආරම්භ විය.
තම තෙවන ධූරකාලයෙන් පසු වියපත්ව සිටි මහින්ද රාජපක්ෂ බලයෙන් සමුගැනීමට තිරනය කළ අතර ඒ සමග රාජපක්ෂ පවුල තුලින්ම අර්බුද ඇති වීමට ආරම්භ විය. එවකට අගමැති ධූරය දැරූ බැසිල් රාජපක්ෂ මහතාට( මහින්ද රාජපක්ෂගේ සොයුරු) ජනාධිපති ධූරයට පත් වීමට අවශ්‍ය වූ අතර මහින්ද රාජපක්ෂගේ අරමුණ වූයේ එහි අනුප්‍රාප්තිකයා ලෙස සිය වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ පත් කිරීමටයි. විශේෂයෙන්ම ඒ වන විට ආරක්ෂක ලේකම් යන තනතුර යටතේ රටේ කැබිනට් මණ්ඩලය සතු විය යුතු කාර්යයන් බලතල විශාල ප්‍රමාණයක් හසුරවමින් සිටි ගොඨාභය රාජපක්ෂ( මහින්දගේ තවත් සොයුරෙකි) ද නාමල් රාජපක්ෂ හට පක්ෂපාතී වීම නිසා බැසිල් රාජපක්ෂ හට සිය අරමුනට ළගා වීමට නොහැකි විය. මෙම බල අරගලයේ දී මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයේ සිටම සුළු සුළු විරසකයන් පැවති චමල් රාජපක්ෂ (මහින්දගේ වැඩිමහල් සොයුරු) පවුල බැසිල් පාර්ශවය ගත් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ සෘජුවම බැසිල් වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙත් මෙම බල අරගලය කෙසේ හෝ සමනය කිරීමට මහින්ද සමත් වූ අතර බැසිල් වෙනුවෙන් පෙනී සිටි බිම් මට්ටමේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවට ද පත් විය.
ඒ අනුව නාමල් රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ අතර එම මැතිවරනය ඉතා දරුණු ලෙස ප්‍රචණ්ඩත්වය රජ කළ එකක් විය. මේ සදහා විපක්ෂව ප්‍රබල එක් අපේක්ෂකයෙකු තරග වැදීම වෙනුවට සමාන මට්ටමේ අපේක්ෂකයන් කිහිපදෙනෙකු තරග වැදීම සිදු විය. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉතාමත්ම පහත් එකක් වූ අතර ලේ වැගිරීම්වලින් සමස්ත මැතිවරණ ව්‍යාපාරයම කෙළෙසී තිබුණි. ඔහුගේ පාලන සමය තුළ මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව ඉතා විශාල වශයෙන් ජනතා අසහනය ඇති වූ යුගයක් වූ අතර මිලිටරි යාන්ත්‍රණය ජනතාව මත අසාමාන්‍ය පීඩනයක් ඇති කලේය. මහින්ද වෙත තිබූ කපටි දේශපාලන බුද්ධිය නාමල් වෙත පිහිටා නොතිබුණි.මෙලෙස උණුසුමි වූ ශ්‍රී ලංකා දේශපාලනය එම පීඩනය වියරු ලෙස ප්‍රකාශ වීමට ගත් අතර දුප්පත්කම, විරැකියාව, දූෂණය හා වංචාව එයට හේතු විය. උතුරේ ද්‍රවිඩයන් මෙන්ම දකුණේ සාමාන්‍ය ජනතාවද මහමගට බට අතර මෙම විරෝධතාවල ලක්ෂණය වූයේ සංවිධානාත්මක එක් දේශපාලන බලවේගයක් විසින් එය මෙහෙයවනු වෙනුවට ජනතාව තුළින්ම එය පැන නැගීමයි. මෙය මර්දනය කිරීමට පාලකයන් ගත් උත්සාහයේ දී විශාල ජීවිත හානියක් සිදු වූ අතර තවත් එවැනිම පිරිසක් හමුදා අත්අඩංගුවට පත් විය.
මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර බලපෑම් මත නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමට තීරණය කළේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාලනය ගෙන යනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පත් කරනු ලැබූ භාරකාර රජයක් මගිනි."