Saturday, March 5, 2011

නොවැසුනු සරසවියක් අඛණ්ඩ අධ්‍යාපනයක්

මෙලෙස ලියවී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආපන ශාලාවේය. මා මෙම ලිපිය තුළින් අවධානය යොමු කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ මෙම පීඨය පිළිබදව නොවුණත් කොළඹ විශ්ව විද්‍යාලය තුළ පැල පදියම් වී ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ ස්වරූපය පිළිබද ඉතාමත් පැහැදිලි පිළිඹිබුවක් ලබා දීමට මෙම පාඨය සමත් ය. මෙම මෙලෙස අභිමානවත්ව ආපන ශාලා බිත්තියේ ලියා තිබුණෙ එක්තරා ශිෂ්‍ය සංවිධානයක් මගින් ය. පසුව මා දැනගත් ආකාරයට වර්තමානයේ බලවත් වන්නේ මෙම ශිෂ්‍ය සංවිධානය යි. පරිපාලනයට අවශ්‍ය ආකාරයේ සුවච කීකරු දරු පිරිසක් නිර්මාණය කිරීම‍ට වසර 15ක 20 පමණ සිට එකී පරිපාලනය දැරූ උත්සාහය මේ වන විට මල් ඵල දරා ඇති බවට මේ පාඨයම සාක්ෂි සපයයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවන දෑ බොහොමයක් පිළිබද මා දැනුවත් වන්නේ මගේ බෝඩිම් සගයා එහි ශිෂ්‍යයෙකු වීම නිසාය. සියුම් ඇසකින් සිදුවන දේ දෙස බලන ඒ පිළිබද ගැඹුරින් විශ්ලේෂණය කරන මගේ මිත්‍රයා මා සමග සිය පීඨයේ සිදුවන සිදුවීම් පිළිබද මෙතෙක් කල් පැවසූ කාරණා ඇසුරින් ලිපියක් ලියන්නට මම සිතීමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නිළවරණ පැවැත් වෙන්නේ නැති තරම් ය. උදාහරණයක් ලෙස ශාස්ත්‍ර පීඨය සදහා වසර ගණනාවකින් නිළවරණයක් කැදවා නැත. නමුත් මාගේ මිත්‍රයා ඉගනුම ලබන පීඨය සදහා පසුගිය වසර තෙක් ශිෂ්‍ය නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව දී ඇත. නමුත් මේ වසර සදහා අධ්‍යන වර්ෂය අවසන් වීමට ද ආසන්න නමුත් නිළවරණ කැදවා නැත.
ශිෂ්‍ය නිළවරණ කැදවූවත් වර්තමානය වන විට පිරිසක් එකතු කර ගත හැකි ක්‍රියාකාරිකව නැගී සිටිය හැකි ශිෂ්‍ය එකතුවක් අද වන විට එහි ඉතුරු වී නැත. මා මිත්‍රයාට අනුව පසුගිය දා එම පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුගේ මෑණියක අභාවප්‍රප්ත වී ඇති අතර එහි ගොස් තිබුණෙ කිහිපදෙනෙකු පමණි. මරණයකටවත් නැති තරමට මේ පීඨය තුළ ආත්මාර්ථකාමී සිසුන් පිරිසක් බවට බිහිව ඇත. වර්තමානයේ සම්පූර්ණයෙන්ම පරිපාලනයට පාලනය කරගත හැකි සිසුන් පිරිසක් බිහිකර ගැනිමට මෙම පීඨයේ පරිපාලනය සමත් ව ඇති අතර වසරකට මෙම පීඨය තුළ සංවිධානය වන ක්‍රියාකාරකම් ප්‍රමාණය අතිශය සීමිත ය. මා මිත්‍රයාට අනුව බොධි පූජාවක් පැවැත් වීමටත් අවසර ගැනීම ටිකක් මහන්සි වී කර ගත යුත්තකි. නවක අභිනන්දන උළෙලක් වැන්නක් සංවිධානයේ දී අපහසු ම හා බැරෑරුම් ම කාර්යය ඒ සදහා අවසර ලබා ගැනීමයි. මෙය පරිපාලනයේ උපක්‍රමශීලි පාලනයයි. ඒ මන්ද යත් මෙලෙස ක්‍රියාවලිය සංකීර්ණ වන විට ඉගන ගන්න උන් වැඩි වැඩ කරන්නට එකතු වෙන්නේ නැත.
මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනය ඉතාමත් විහිළු සහගත එකකි. පෙර මෙම පීඨය තුල ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයක් පැවත ඇති නමුත් ක්‍රමයෙන් පරිපාලනය විසින් තමන්ට අකීකරු ශිෂ්‍ය කණ්ඩායමේ පැවැත්ම විනාශ කර දමා ඇත. අද වන විට ඉතිරිව ඇත්තේ එදා එලෙස මරා ගෙන මැරෙන සටන සදහා පරිපාලනය විසින් බිහි කළ ශිෂ්‍ය කල්ලියෙන් පැවතෙන පරම්පරාවක් පමණි. නොඑසේ නම් අද වන විට // පුරවර පින් බිමේ බේද නැත නොයෙක් පෙදෙසේ සබද නුඹ නිදහස්// තත්ත්වයට මෙම පීඨය පත් කර ඇත.
මෙලෙස ජෙප්පන්ගෙන් නිදහස් වූ ශිෂ්‍ය සංවිධානයේ නායකත්වය හිමි වන්නේ සෑම වසරකම එහි තෙවන වසරටය. ඒ අනුව ප්‍රතිපත්තියක් අයිතියක් දිනා ගැනීමට උවමනාවක් සහ හැකියාවක් නැති නපුංසක වූ මෙම ශිෂ්‍ය කණ්ඩායමේ තෙවන වසරට හැම දාම ඇති එකම ගැටළුව සභාපති වන්නේ කවුද යන්නයි. ඒ අනුව කා කොටා ගෙන බෙලි කපා ගෙන හෝ අත උස්සා අනේ මට සභාපති වෙන්න ඕන කියා ගෙන හෝ සභාපති වීමට දගලයි. ඒ තුළ සභාපති පමණයක් සිටින යූනියන් බිහිවේ. ඒ අනුව සභාපති පරිපාලනය ළග දණින් වැටී අලුතින් පීඨයට එන පුංචි උන් ළග වීරයෙකු වෙයි. මේ විකට සංදර්ශනය  මෙම පීඨයේ ඇති ශිෂ්‍ය දේශපාලනයයි.
තවද මෙම පීඨයේ ශිෂ්‍ය දේශපාලනයේ තවත් අංශයක් ඇත. එනම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කඩේ යෑමයි. ඒ අනුව සිරිකොතට මෙන්ම නාමල් ළගට ද බඩ ගා මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සන්තර්පණය වේ. මෙය අන්තරය නැති වීමෙන්, ජෙප්පන් එළවීමෙන් පසු ඇතිවන තත්ත්වයි. ටික දිනකින් ජපුර ඔබට වන්නේද මෙයම ය.ලිපිය අවසන් කිරීමට පෙර මා මිත්‍රයා ඉදිරියේ මෙම පීඨයේ ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුට පීඨයේ පරිපාලනය සම්බන්ධ විශාල බලයක් ඇති කතිකාචාර්ය වරයෙකු වරක් කළ ප්‍රකාශයක් සදහන් කිරීම‍ට කැමැත්තෙමි.
කතිකාචාර්ය: එරංග!! ඔයා මේකෙ ශිෂ්‍ය නායකය *විදියට ළමයි ලෙක්චර්ස් එවන්න දැන ගන්න ඕන
සභාපතිතුමා: එහෙමයි මැඩම්


(* ඉස්සර අපේ ඉස්කොලෙ හෙඩ් ප්‍රිපෙට් ට ප්‍රින්සිපල් සර් අවවාද කරනව මේ විදියට)

9 comments:

  1. රටට හෙන ගෑහුවත් ඔය පො_නයන්ට ගානක් නෑ.

    උන්ගෙ ආදර්ශපාටය පු_ දීමෙන් සෑනසීම ලෑබේ.

    ReplyDelete
  2. ජෙප්පො හිටියට වඩා නම් හොඳයි වගේ. උන් හිටියම අවුට් වෙන්නෙ මෙලෝ හසරක් දන්නේ නැති මානසික රෝගීන් සෙට් එකක් නේ.

    ReplyDelete
  3. @Anonymous:උන්ට කොන්ද කෙලිහෙන් තියාගෙන කෑගහන්නවත් පුළුවන් බං,දැන් ඉන්න උන්ට එහෙමවත් බෑ.

    ReplyDelete
  4. කොන්ද කෙලින් තියාගෙන කෑ ගහන්න ජෙප්පන්ටත් බෑ බං, උන් කරන්නෙත් උන්ගෙ පක්ෂෙට කඩේ යන එක තමයි අනිත් උන් වගේම. හරි හමන් කොන්ද පන තියන නායකයො කිසිම පක්ෂයකට වත් පාලනාධිකාරයට වත් ඕනා දේ නෙවේ කරන්න ඕනා,චන්දේ දීලා තමන්ව නියෝජිතයො විදියට පත්කරපු සහෝදර ශිෂ්‍යයන්ට ඕනා දේ තමයි කරන්න ඕනා.අනිත් දේ තමයි ශිෂ්‍ය සංගමයක හැම පක්ෂයකම සාමාජිකයො ඉන්නව නම් වැඩ කරන්න ලේසියි.තමන්ගෙ දේශපාලන මතය ගේට්ටුවෙන් එලියෙ තියල ඇවිත් පොදු මතයක ඉඳලා වැඩ කරන්න පුලුවන් ශිෂ්‍ය නායකයො දැන් නෑ. අපි නම් කළා, දැන් ඉන්න බූරුවන්ට එහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ....

    ReplyDelete
  5. ජෙප්පො මීට වඩා ගොඩක් ප්‍රගතිශීලියි.

    ආන්ඩුවට කඩේ යන උන් යන්නේත් ආන්ඩුවට ආදරේට නෙවෙයි උන්ගෙ ආනාගතය සදහා නකුට වන වන ගිහින් ඵ්ක දාගන්න.

    ජෙප්පන්ට ඔය මුකුත් නෑ.
    උන්ත තියෙන්නෙ වඩා යහපත් රටක් සදහා බලාපොරොත්තුවක් විතරයි.
    මගේ මතය නම් ජෙප්පො හරි.

    ReplyDelete
  6. අපෝ කොලබ කෑම්පස් ඵ්කේ ගොඩක් උන් නියම පතෝලයො.
    අපෙත් අදුරන උන් ඉන්නවනේ කියල වෑඩක් නෑ.
    රටටම කෙලවුනත් කට පු_ වහගෙන ඩිග්‍රිය කරයි ඔකුන්.
    නෙදකින් පතොලයො,මුන්ට වෑඩිය ජෙප්පො කොච්චර හොදද
    උන් කවදාවත් තමුන්ගෙ වාසියට සෑප සදහා කෑගහපු උන් නෙවෙයි.
    ඵ්කට මුන් අනාගත ආතල් සදහා අම්ම අප්ප උනත් විකුනයි ලොක්කන්ට.

    ReplyDelete
  7. නොවැසුනු සරසවියක්
    අඛණ්ඩ අධ්‍යාපනයක්

    රෝමය ගිනි ගත්තත්
    නීරෝ ගෙන් වීනා වාදනයක්

    අහවල් ඵ්ක කපල ගියත්
    අකන්ඩ අද්යාපනයක්

    ReplyDelete
  8. මටත් මං ඉස්කෝලේ යන කාලේ මතක් වුණා ඔය එරගට ලෙචා දුන්නු අවවාදය දැක්කම. ලෙක්චරයත් ඔය සෙටප් එකේම ඉගෙන ගත්තු එකියක් වෙන්න ඕනැ.

    ReplyDelete
  9. ලංකාවේ තියෙන හොඳම විශ්ව විද්‍යාල 2 දෙක තමයි. මොර‍ටුව සහ කොළඹ..

    1. ‍රැග් එක වෙනත් (පේරා, ජපුර, රුහුණ, සබරෙ, රජරට) කැම්පස් වල වගේ අමානුෂික නොවූ ආතල් දෙන, ඕනවට වඩා අදින්නෙ නැති, දේශපාලන මොළ සේදීම් නැති දෙයක් වීම.

    2. සමස්තයක් වශයෙන් ගත්කළ නවීකරණය වූ ‍රැකියා අවස්ථා බහුල උපාධි පාඨමාලා තිබීම.

    3. ඉහළ සුදුසුකම් ඇති ආචාර්ය වරුන් සිටීම.

    4. දේශපාලන පක්ෂ වලට කඩේ යන ශිෂ්‍ය සංගම් නොමැති වීම සහ, දේශපාලනය සිසුන්ගේ පෞද්ගලික දෙයක් පමණක් වීම..

    කිවුවා නේද එවෙන්ට් නැති කතාවක්? හරි හිතලා බලන්න විශ්ව විද්‍යාල ඉතිහාසයේ මෑතකදි පැවැත්වුණ දැවැන්තම ප්‍රදර්ශන මොනවාද කියලා
    eg : MEDEx(colombo medicine), ExMO (Mora Engineering), IFO++(colombo UCSC), NexIT (Mora FIT)....

    ReplyDelete