Tuesday, October 26, 2010

ගෙදර ගිහින්

ටිකෙන් ටික ඔන්න ගමට කිට්ටු කලා. ටිකක් පායනව. වෙල් වැඩත් ගජරාමෙට. ගෙදරට ගොඩ වුණ ගමන් කැම්පස් කචල් ගැන තමයි ඇහුවෙ. අපේ අයියා නිකන් මම වි සීට ගැහුවෙ මම ගානට කෑගැහිල්ල. මිනිහ ගෙදර අයගෙ ලේ උරුමෙ තදටම ඔලුවට ගහපු කොල්ලෙක්. කැපුවත් නිල්. වයස අවු 31යි. රස්සාවක් නැතිකම නිසයි අග හිගකම් නිසයි කෙල්ල ගේන වැඩේ දින නියමයක් නැතුව කල් දාල වෙලි වේලි ඉන්නෙ. වැඩේ කියන්නෙ මිනිහට රට මේ යන සිස්ටම් එක මරු. හේතුව ආණ්ඩුව නිල් පාටයිනෙ.
ඔන්න 7 විතර වුණා. හොද්ද එද එද හිටපු අම්ම කෑගහනව 3ට දාන්න කියල. ඔය අයි ටී එන් දාන්න කියල කියන්නෙ. ඒ ටයිම් එකට එකෙ මාර වැඩසටහනක් යනව. කට්ටිය ප්‍රවෘත්ති කියලත් මෙකට කියනව. මෙන්න එස් බී ලොක්ක කතා කරන්න ගත්ත. අම්ම ටි වි එක ලගට ආවෙ කැම්පස් කොල්ලන්ට බැන බැන. ඔය එස් බී එක්ක අපේ අම්ම මාර අවුලෙන් හිටිය කාලයක් තිබුණා.. එ අර චන්ද්‍රකා මැඩම්ගෙ ජංගිය ගැන කිව් දවසෙ ඉදල. එ කාලෙ අපෙ අම්මට මිනිහ අහු වුණා නම් ඉලපත් පාර කනව මැරෙනකම්ම. දැන්නම් මිනිහට අම්ම කියන්නෙ මහත්තය කියල!!!
පහුවෙනිද පෝය. මම පොඩි ට්‍රිප් එකකට අහුවුණා. ඒකෙ ගියා කැම්පස් එකේ පිකට් කරන තද පොරක්. මිනිහටත් ලොකු තේරුමක් නෑ කියලයි ම‍ට හිතුණෙ. බලය නිසා පොරක් වෙලා දගලනව මිසක් වෙන දෙයක් මිනිහගෙන් පෙනුනෙ නෑ.
සෙනසුරාද මම ගෙදරට වෙල හිටියෙ. ආව කැපුවත් කොල රනිල් පක්ෂෙ දාල ගියත් නොයන ජාතියෙ නෑයෙක්. පාරට බැහැපු කොල්ලො පිස්සො කියලයි මිනිහත් දේශනෙ දුන්නෙ.
කම්මැලිකමට දැම්ම ටි වි එක. මෙන්න මෑත කාලයෙ දැයට දායාද වූ සුන්දර හිතක් ඇති පුවත් මවන්නා ඊ ඒ පි දෙශප්‍රේමී නාලිකාවෙන් පෙන්න පෙන්න පුම්බනව. මේ මැරය දිහා බලන් ඉදල අපේ අයියට මාර ෆන්. ඌගෙ අම්ම අප්ප හදල දීපු මාලිගා ඌ යන එන වාහන ගැන චිත්ත රූප මවනව.
රෑ ලයිව් ඇට් එයිට් එකත් මාර ආතල් දෙන්නෙ. ප්‍රවෘත්ති කියන්නෙ මේවනෙ.
ඔන්න රෑ 10ට විතර අයි ටී එන් එකේ සංවාදයක් පටන් ගත්ත. එකට ආව උගත්තු කියපි නම් දේශපාලනෙ වෙන දේවල් කැම්පස් එවුන්ට වැඩක් නෑ. උන්ට තියෙන්නෙ ඉගන ගන්න විතරයි කියල. එහෙනම් මොන හත්තිලව්වකටද කැම්පස් උන්ගෙ නම්වලටත් ඡන්ද කාඩ් එන්නෙ!
ඉරිද දවල් ධම්ම මහත්තය ප්‍රතිභ මහත්තයත් එක්ක අයි ටී එන් එකට ආව. මෙන්න කියපි නම් බස්කාරයෙක් ලමයෙක් යට කරන් ගියහම පිකට් කරන එක තමයි ශිෂ්‍ය සටන් කියල.


ඔන්න ඕකයි තත්ත්වෙ.


පුපුරා යාමට පෙර ලියමි කියල ලිව්වට හොදටම ඇන්දගෙන ඉන්න වගේම අන්දවන මගඩිවලට අහුවෙන අපේ අහිංසකයො නැගිටින්න නම් වේල්තුනම කන්න නැතුව නන්නත්තාරම වෙන්න වෙයි කියලයි එන ගමන් මම කල්පනා කර කර ආවෙ. ඒකාධිපතියො ආවත් නිදහස නැති වුණත් මේ නොදන්න උන්ට අවුලක් නෑ.

Monday, October 18, 2010

පුපුරා යාමට පෙර ලියමි

යුද්දෙ ඉවරයි. ඒත්..................
යුද්දෙ වෙනුවෙන් පෙනී හටපු යුද්දෙට පස්සෙ සද්දෙ දාපු අපි කවුරුවත් යුද්දෙන් පස්සෙ සුද්දෙ  එනව කියල හීනෙන්වත් නොහිතපු නිසා ඒත් කියල කියන්න හිතුවෙ නෑ.
ඒත් අපිට ඒත් කියන්න වෙලා.
මහින්දගේ පාලනය අද වන විට ශ්‍රී ලාංකික සමාජය සමග ඉතා තීරණාත්මක සෙල්ලමක් අරබා ඇත. මෙය තීරණාත්මක වන්නෙ එම සෙල්ලම ජය ගැනීමට යම් හෙයකින් මහින්ද සමත් වේ නම් එය ජනතාවගේ ඛේදාන්තය මෙන්ම සියවසක රජ සිහිනය මල් ඵල ගැන්වීමකි.
මේ තීරණාත්මක හෝරාවේ රජය සමාජය සමග අත්හදා බැලීමක් කරමින් සිටී. එහි විවිධ පියවරයන් අප ඉදිරියේ පෙනෙන්නට ඇත.

ෆොන්සේකා හිර කිරීම
පොස්ටර් ඇලවීම ත්‍රස්තවාදයක් ලෙස දැකීම
විශ්ව විද්‍යාල මර්දනය
අසීමාන්තික සුචරිතවාදී සංකල්ප නීති ලෙස සමාජගත කිරීම
මාධ්‍ය මර්දනය
මිලිටරි යාන්ත්‍රණය සිවිල් දේහය තුළට ප්‍රසාරණය

යනාදී පියවරයන් එකින් එකට ගෙන බැලුවහොත් මෙය මැනවින් පෙනෙනු ඇත.
ඒ අනුව යුද්දය හේතුවෙන් දැඩි ඉවසීමක් පෙන්වූ පොදුජන සමාජයට එම ඉවසීමට කරන කෙලහිගුණයක් ලෙස දැඩි පීඩනයක ගොදුරක් වීමට සිදුව ඇත. සරලව හිත හොද ගෑණි හැමදාම බඩ වීම යනු මෙයයි. නමුත් මේ පීඩනය පුපුරාගොස් සමස්ත සමාජ දේහමය ගබ්සා වී යාමට ඉඩ ඇත.
අසීමාන්තික ලෙස බලය ලුහුබදින මෙම රජය ඉන් සෑහීමකට පත් නොවී තවතවත් එය මත්තෙම දිවීම හා රජ පරපුරක සිහිනයක නිද්‍රාවීම මෙයට හේතුවයි.
මේ පීඩනය කොතරම්ද යත් පෙම් කිරීම සහ ප්‍රේමයේ හැසිරීම අපරාධයක් ලෙස හංවඩු ගැසීමට තරම් පාලකයන් අත්තනෝමතික සහ විලි ලැජ්ජා විරහිත වී ඇත.  නිදහසේ ලිංගිකව එක් වීමට පවා අයිතිය හා නිදහස ඇති ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ගිය උපකුලපති රැකීමට මේ පාලනය හෙලුවැල්ලේ දුවන්නේ එබැවිනි.
ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් වී ඇත. තව ටික දිනකින් ගැහැණියකගේ අතින් අල්ලාගෙන සිටීමට කසාද සහතිකය අවශ්‍යවනු ඇත. නැත්නම් හමුදාව ඔවුන් හකුලාගෙන යනු ඇත. තවද උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ග්‍රාම සේවක සහතිකයක් අනිවාර්ය වනු ඇත.

මේ පීඩනය පුපුරා යනු ඇත.

 ප්‍රභාකරන්ට එරෙහිව යුද්දය දිනා දුන් මහින්දට බෝ‍ධි පූජා පවත්වා සෙත් පැතූ ජනතාවකටම ඔහුට විරුද්ද වීමට සිදු වන දිනයක් එළිපත්තට පැමිණේ නම් එය දෛවය කළකණ්ණි ලෙස අපෙන් කරන පලිගැනීමක් වනු ඇත.
එසේ වන්නේ හිත හොද ගෑණි බඩ වීම යනු සල්ලාලකමට අත වැනීම නොවන බව පාලකයන් වටහා නොගැණීම නිසා ය.

Thursday, October 14, 2010

බිහිසුණු හෙටක් කරා

එස් බී මහත්තයා මේ දිනවල ඉතා කාර්යබහුල වී ඇත. නිතර නිතර අපේ මාධ්‍ය මහත්තරු ඔහු සොයා යති. දින දෙකකට වරක්වත් ඔහුගේ ශ්‍රී මුඛයෙන් පිටවන රටක් වටිනා වදන් අපේ මාධ්‍ය තලු මරා රස විදියි.

ඉතා ගැඹුරින් පවතින තත්වය විමසා බැලුවහොත් පසක් වන සත්‍ය වනුයේ යන එන මං නැතිව දේශපාලනයේ නන්නත්තාරව සිටි එස් බී ආණ්ඩුවට රිංගන්නේ රාජපක්ෂලා වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට සැදී පැහැදී ගෙනය. චන්ද්‍රිකා වෙනුවෙන් එස් බී කළේ එයම .
මහින්ද ඉතිහාසය අමතක කර සියවස් ගණනකට රාජකීය සිහිනයක් දකියි. සිහිනය වෙනුවෙන් ඔහු ඉදිරියේ ඡන්දය දුන් හෘද සාක්ෂියක් සහිත මිනිසා සෑම ගත වන තත්පරයකදීම නොමරා මරයි.
අද එස් බී භාර දී ඇති ජොබ් එක එම සිහිනයට අවශ්‍ය පසුබිම නිර්මානය කිරීමයි. සදහා අද ඔහු දුප්පත් දෙමාපියන් දහඩිය කදුලින් උපයන සොච්චමෙන් අමාරුවෙන් සරසවියට එවනා දුව පුතාගේ ගැලවුම්කාරයා ගේ චරිතය රග දක්වයි.
ඔහු මේ දිනවල විශ්ව විද්‍යාල අතු ගා දැමීමේ සංග්‍රාමයට උර දී ඇත. ‍ජේ වි පි හිර කදවුරෙන් සරසවි මුදා ගන්නා දිනය වැඩි ඈතක නොවන බව රජයේ මාධ්‍ය ගණිකා සේවාවන් කෑගසන්නේ ඉතා උද්යෝගයෙනි. ගමේ සිටින අන්ධ ශ්‍රී ලංකාකාරයා මෙයට අත්පුඩි ගසන්නේ උඩ පැන පැනය. අනුව ඉතා පැහැදිලිව අන්තරය සුද්ද කිරීමේ කොන්තරත්තුව සදහා එස් බී නිර්වස්ත්‍රව කැප වී ඇත. සස්පෙන්ඩ් කිරීම එය සදහා ඇති ප්‍රධානතම අවිය යි. ළමයින් සස්පෙන්ඩ් වෙයි. එස් බී ඔවුන්ගේ කොන්ද කඩා එම තහනම ඉවත් කරයි. මෙවැනි ජවනිකා එන්න එන්නම කරළියේ එළිපිට රග දැක්වේ.අද වන විට අන්තරය දුර්වල කිරීමේ මෙහෙයුමට සමගාමීව නාමල්ගේ ඊනියා ශිෂ්‍ය කල්ලි පැටව් ගැසීමට පටන් ගෙන ඇත. කිසිදු ප්‍රතිපත්තිමය දැක්මක් නොමැති වරදාන වෙනුවෙන් කැප වුණු මේවා වෙනුවෙන් සිසුන් රංචු ගැසීම එක් අතකින් රටේ සමාජ ආර්ථික තත්වය පිළිබද සෝචනීය කතාවක් අමු අමුවේ කියා සිටී.
මේ අතර පුංචි නාමල් පුතා තම ජනාධිපති සිහිනය එළිපිට කතා තරන්නට පටන් ගෙන ඇත. ජෙනරාල් සිරගත කරන්නේ ඒ අතරය.  
ජෙනරාල් සිරගත කිරීම තුළ මෙරට සමාජය පීඩක පාලකයෙකු යටතේ හැසිරෙන ආකාරය පිළබද පරීක්ෂාවක් මහින්ද සිදු කළ අතර ඒ තුළින් බලා‍පොරොත්තු වූයේ යම් හෙයකින් එයට ජනතාව කම්පනය කළ නොහැකි නම් තම ගමන සිත් ලෙස යාමයි.
18 තුළින් ද ඔහු එයම කළ අතර එයට සමාජය දැක්වූ අසංවේදීබව මහින්ද දිරිමත් කළේය.
ඒ අනුව ඉතාම පැහැදිලි වන කාරනය වන්නේ මහින්ද රජ පරපුරක පාලනයක් සදහා මෙරට හුරු කරමින් සිටින බවයි.
එ සදහා නැගෙන විරෝධය යටපත් කිරීමට නම් බුද්ධිමත් තාරුණ්‍යයේ එකතුවක් වන විශ්ව විද්‍යාල මර්දනය කළ යුතුය. අද වන විට පවතින ශක්තිමත්ම ශිෂ්‍ය එකමුතුව අන්තරය වන නිසා එය විනාශ කිරීම ප්‍රධාන ඉලක්කය වී ඇත.
අන්තරය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු නැත. නමුත් අන්තර‍යේ බිද වැටීමක් හමුවේ හිස් වන අවකාශය පිරවීමට ස්වාධීන නොවුවත් ආණ්ඩු ගැති නොවන ශිෂ්‍ය ක්‍රියාකාරිත්වක් නොමැති වීම ඒකාධිපතියාට සහනයකි. ස්වාධීන මතවාදයට අනුව එක් වු බුද්ධිමය කතිකාවතට කැප වුණු ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්ධනය කළ 
අන්තරයද මෙහිදී තමන් අතින් සිදුවූ මුග්ධ පාපකර්මය තේරැම්ගත යුතුය.
එන්න එන්නම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාජ සන්දර්භය තුළ මතවාදීමය තලයක සිට ක්‍රියාකාරීවීම හීනව යයි.
නමුත් එහි අවසාන ඵලය ලෙස ඒකාධිපති පාලනයක සේයා මතු වෙමින් ඇත.

Saturday, October 9, 2010

He has sill time



"Sri Lanka’s parliament yesterday revoked the seat of Gen Sarath Fonseka, who led the army against the Tamil Tigers but was later jailed after being found guilty of misappropriating funds."
 
This sentence is the ending of an article raising serious allegations against the republic of  Sri Lanka on human rights violations in the last phase of the Eelam war.

The present government under Mahinda Rajapaksha could eliminate the tigers. Sarath Fonseka's military leadership was undoubtedly essential to reach that target.

But due to the sin of being the presidential candidate against Mahinda, Fonseka has become a prey of retaliation. Mahinda is building a leader against him in Fonseka. Mahinda will reap the result! 

But this undiplomatic regime of Mahinda hasn't realised yet that they are offering facts to the world to lobby against Sri Lanka. If the government itself is raising allegations against the Commander of Army who led the war, the government itself give some sort of justification for the alleged human rights violations. For an example, taking legal actions against Fonseka for the so called white flag incident is like stripping in public.

This government which is treading on a path which it didn't pledge to walk is day by day winning the dissatisfaction of the people and giving birth to unrest in the country. 
 
But what Mahinda should realise is that history is full of horrifying dictators who ultimately realised their dream was false.

Mahinda has still time to stop the digging of his own pit! But in future it will be too late.

Monday, October 4, 2010

We are satisfied. Are you not?


As a country Sri Lanka is treading through a significant period. Prabakaran is dead. Mahinda Rajapaksha, a president who hasn't completed his first tenure in office has been elected for another six years. And, he is making arrangements for a third tenure also.

The government is day by day enhancing  its power. Even though the ruling party has got a 2/3 majority its thirst for power increasing in every lapsing second. The opposition is killed.

The government has become so dare to change the fundamental bases of the social fabric with ease. CMC will be abolished in near future. Universities are badly attacked. A criticism against the government has become a taboo!!

But we are very satisfied?

Saturday, October 2, 2010

I decided to speak

I need to express myself. I feel someone is struggling in me. So I decided to speak to you.
I am a Sri Lankan. Our country is passing a period of historical importance. There are so many things to laugh and cry. But I feel, all are in a deadly sleep.


ISN'T IT SO?