Friday, July 8, 2011

සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.

සංගක්කාර ලෝඩ්ස් හි කළ ප්‍රකාශය පිළිබද ගින්නක් ඇවිලෙමින් ඇති නිසා ලියන්නට සිතුණි. කලබලේ ලියන නිසා සිතුවිලි ගැලපේදෝ මන්දා.
මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින් ම කළ බරපතල ප්‍රකාශය වූයේ ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතාමත් ම දූෂිත එකක් බවයි. ඒ ප්‍රකාශය හේතුවෙන් ඒ මහතා දේශපාලන වශයෙන් ඉතාමත් දුර්ධාන්ත ඉරණමකට මුහුණ දුන් අතර ජනාධිපතිතුමාගෙන් ලකුණු කපා ගෙන අද වන විට මුලු ගැන්වී සිටියි.
ඉන් පසු මෙරට ක්‍රීඩා ඇමතිකම දුන්නේ ඉතාමත් ම සුදුසු පුද්ගලයාටය. මහින්දාන්ද යනු මර්වින් සිල්වා වර්ගයේ මෙරට ආණ්ඩුකළ හැම නායකයෙක්ම අගය කරන ආකාරයේ දේශපාන චරිතයකි.
මෙරට හැමදාම ජනපතිලා අගමැතිලා අගය කළේ තමන්ට ඕනැ ආකාරයට අත උස්සන තමුන්ටද ගසා ගෙන ලොක්කන්ට ද කන්න දෙන වැඩි දේවල් නොකරන නොහිතන පිරිසය. මේ අතර ක්‍රිකට් ගැසිය යුත්තේ බිස්නස්කාරයන්ගේ හා දේශපානඥයන්ගේ පුත්තු නම් එය ඉතා අගනේය. සංගක්කාර නීති පීඨයේ උපාධිය අතහැර ක්‍රිකට් ගැසීමට ආ මෝඩයෙකි. ඕනවට වඩා හිතන අය දේශපානයටය වගේම ක්‍ර්කට් වලටද අගුණය. සාමාන්‍ය පෙළ අසමත් වීම ඇමතිකමට වගේම ක්‍රිකට් නායකකමටද සුදුසු කමක් කිරීම අත්‍යවශ්‍යය.
අද වන විට මෙරට අනෙකුත් ආයතන මෙන්ම ක්‍රිකට් ආයතනයද ඉතාමත් දූෂිත බව නොකිව මනාය. අද වන විට ලංකාවේ පවතින ඉතාමත්ම දුක්ඛිත තත්ත්වය වන්නේ රට තුළ මේ පිළිබද තොරතුරු හෙළි දරව් නොවීමත් ඉතා සූක්ෂම හා තිරිසන් ආකාරයට එම විනිවිදභාවය වළලා තිබීමත්ය. සංගක්කාර ලෝඩ්ස් ගොස් කීවේ මෙරට ඒ සදහා වේදිකාවක් නොවීම නිසායි.
පුද්ගලයෙකු ලෙස සංගක්කාර යනු ක්‍රීඩකයෙකුට එහා ගිය සම්පතකි. ඔහු වැනි උගතෙකු හා බුද්ධිමතෙකු ක්‍රිකට් සදහා ලැබීම අපට පමණක් නොව ලොවටද සම්පතකි. මා දන්නා හා මට හැගෙන තරමින් අර්ජුන දේශපානයට ආවේ ක්‍රිඩා ඇමති විමටය. නමුත් චන්ද්‍රකාවත් මහින්දවත් ඔහුට එය නොදුන්නේ ක්‍රිකට් යනු කන්න හොද තැනක් නිසා ඔහු බලාපොරොත්තුවන දේ කිරීමට දීම බාගෙන ඉහගෙන පෙරළී පෙරළි කන්නට ඇති දේ අහිමි කරගැනීමක් නිසාය.
සංගක්කාර ද්‍රෝහියෙක් නිසා කැළනියෙන් කොලොන්නාවෙන් දෙකෙන්ම දේශප්‍රේමියෝ බත් පැකට් එකට හා අරක්කු බෝතලයට එළියට බසින්නට ඉඩ නැත්තේ නොවේ.
විපරමේ ද දැනටම මේ ගැන කියා තියෙනව වෙන්නට ඇත. එහිදී සංගක්කාරගේ ජාතකය ද ප්‍රශ්න කර රනිල්ගේ පින්තූරයක් සමග දමනු ඇත.
හෘද සාක්ෂිය විකූණු මිනිසුන්ට පමණක් ජීවත් වීමට සුදුසු දේශයේ හෘද සාක්ෂිය අවදි කළ සංගක්කාර අභිමනවත් මෙන්ම තමාගේ දවසේ යුතුකම නොපිරි හෙළා ඉටු කළ පුරවැසියෙකි. ඔබට උපහාරයක් ම වේවා.

7 comments:

  1. \\මගේ මතකය නිවැරදි නම් ටී බී ඒකනායක මහතා ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දී ටික දිනකින් ම කළ බරපතල ප්‍රකාශය වූයේ ලංකාවේ ක්‍රිකට් ආයතනය ඉතාමත් ම දූෂිත බවයි.\\ මං හිතන්නේ උඹේ මතකය පොඩ්ඩක් වැරදියි.. ඒ ටී බී ඒකනායක නෙවෙයි සී බී රත්නායක වෙන්ට ඕන..
    ඉතිරි මුළු කතාවටම එකඟයි මචං.. මේක ඩිල්ෂාන්ට කරන අපහාසයක් නෙවෙයි.. හැබැයි දැන් ලංකාවේ හදල තියෙන ගැලරිය පිනවීමේ ට්‍රෙන්ඩ් එකේ හැටියට නායකත්වයට සුදුසුම ඩිල්ෂා තමයි..

    ReplyDelete
  2. aney tho danna labba

    ReplyDelete
  3. malli nikan mooda jok danna epa, nodanna magul kiyala sanga kiwwa kathawa aththa habai thopi wagey gan kabarayo eyken wasi ganna balanna narakai sangage mulu kathawama balapiya balala katha karapan nikan pissu balleyk wagey eka kallak allageyna dodawanney nathuwa.

    ReplyDelete
  4. කලින් කමෙන්ටුවක තියන නිවැරදිකිරීම ඇරුණාම ඉතුරු ඔක්කොටම එකඟයි

    ReplyDelete
  5. ඕක සංගක්කාර කියපු කතාවක් නෙමේ.
    චැනල් ෆෝ එකෙන් ඩබ් කරලා.

    මේක පිටු පස්සේ, විදෙස් හස්තයක්, ඇන්ජීඕ එකක් සහ ඩොලර් තියෙනවා.

    බැංකි මූන් බංගවේවා!

    උපවාසය අරඹමු.

    ReplyDelete
  6. ubath wedesha kumantranayaka patipalayak
    meta gonwansa ane deiyanae ratakata giiya kalak :P

    ReplyDelete
  7. @ පුතා, බොහොම ස්තුතියි නිවැරදි කිරීමට. මේ ලිපිය ලියන්න පෙර ඒ ගැන පුංචිවත් සූදානමක් වෙන්න වුනෙ නෑ. ඒකයි මේ අවුල. ඒත් මට කියන්න ඕන වුනා මට හිතුන දේ. ඔබට විතරක් නොවේ කොමෙන්ටු දාපු හැමෝටම ස්තුතියි.

    ReplyDelete