Thursday, October 14, 2010

බිහිසුණු හෙටක් කරා

එස් බී මහත්තයා මේ දිනවල ඉතා කාර්යබහුල වී ඇත. නිතර නිතර අපේ මාධ්‍ය මහත්තරු ඔහු සොයා යති. දින දෙකකට වරක්වත් ඔහුගේ ශ්‍රී මුඛයෙන් පිටවන රටක් වටිනා වදන් අපේ මාධ්‍ය තලු මරා රස විදියි.

ඉතා ගැඹුරින් පවතින තත්වය විමසා බැලුවහොත් පසක් වන සත්‍ය වනුයේ යන එන මං නැතිව දේශපාලනයේ නන්නත්තාරව සිටි එස් බී ආණ්ඩුවට රිංගන්නේ රාජපක්ෂලා වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට සැදී පැහැදී ගෙනය. චන්ද්‍රිකා වෙනුවෙන් එස් බී කළේ එයම .
මහින්ද ඉතිහාසය අමතක කර සියවස් ගණනකට රාජකීය සිහිනයක් දකියි. සිහිනය වෙනුවෙන් ඔහු ඉදිරියේ ඡන්දය දුන් හෘද සාක්ෂියක් සහිත මිනිසා සෑම ගත වන තත්පරයකදීම නොමරා මරයි.
අද එස් බී භාර දී ඇති ජොබ් එක එම සිහිනයට අවශ්‍ය පසුබිම නිර්මානය කිරීමයි. සදහා අද ඔහු දුප්පත් දෙමාපියන් දහඩිය කදුලින් උපයන සොච්චමෙන් අමාරුවෙන් සරසවියට එවනා දුව පුතාගේ ගැලවුම්කාරයා ගේ චරිතය රග දක්වයි.
ඔහු මේ දිනවල විශ්ව විද්‍යාල අතු ගා දැමීමේ සංග්‍රාමයට උර දී ඇත. ‍ජේ වි පි හිර කදවුරෙන් සරසවි මුදා ගන්නා දිනය වැඩි ඈතක නොවන බව රජයේ මාධ්‍ය ගණිකා සේවාවන් කෑගසන්නේ ඉතා උද්යෝගයෙනි. ගමේ සිටින අන්ධ ශ්‍රී ලංකාකාරයා මෙයට අත්පුඩි ගසන්නේ උඩ පැන පැනය. අනුව ඉතා පැහැදිලිව අන්තරය සුද්ද කිරීමේ කොන්තරත්තුව සදහා එස් බී නිර්වස්ත්‍රව කැප වී ඇත. සස්පෙන්ඩ් කිරීම එය සදහා ඇති ප්‍රධානතම අවිය යි. ළමයින් සස්පෙන්ඩ් වෙයි. එස් බී ඔවුන්ගේ කොන්ද කඩා එම තහනම ඉවත් කරයි. මෙවැනි ජවනිකා එන්න එන්නම කරළියේ එළිපිට රග දැක්වේ.අද වන විට අන්තරය දුර්වල කිරීමේ මෙහෙයුමට සමගාමීව නාමල්ගේ ඊනියා ශිෂ්‍ය කල්ලි පැටව් ගැසීමට පටන් ගෙන ඇත. කිසිදු ප්‍රතිපත්තිමය දැක්මක් නොමැති වරදාන වෙනුවෙන් කැප වුණු මේවා වෙනුවෙන් සිසුන් රංචු ගැසීම එක් අතකින් රටේ සමාජ ආර්ථික තත්වය පිළිබද සෝචනීය කතාවක් අමු අමුවේ කියා සිටී.
මේ අතර පුංචි නාමල් පුතා තම ජනාධිපති සිහිනය එළිපිට කතා තරන්නට පටන් ගෙන ඇත. ජෙනරාල් සිරගත කරන්නේ ඒ අතරය.  
ජෙනරාල් සිරගත කිරීම තුළ මෙරට සමාජය පීඩක පාලකයෙකු යටතේ හැසිරෙන ආකාරය පිළබද පරීක්ෂාවක් මහින්ද සිදු කළ අතර ඒ තුළින් බලා‍පොරොත්තු වූයේ යම් හෙයකින් එයට ජනතාව කම්පනය කළ නොහැකි නම් තම ගමන සිත් ලෙස යාමයි.
18 තුළින් ද ඔහු එයම කළ අතර එයට සමාජය දැක්වූ අසංවේදීබව මහින්ද දිරිමත් කළේය.
ඒ අනුව ඉතාම පැහැදිලි වන කාරනය වන්නේ මහින්ද රජ පරපුරක පාලනයක් සදහා මෙරට හුරු කරමින් සිටින බවයි.
එ සදහා නැගෙන විරෝධය යටපත් කිරීමට නම් බුද්ධිමත් තාරුණ්‍යයේ එකතුවක් වන විශ්ව විද්‍යාල මර්දනය කළ යුතුය. අද වන විට පවතින ශක්තිමත්ම ශිෂ්‍ය එකමුතුව අන්තරය වන නිසා එය විනාශ කිරීම ප්‍රධාන ඉලක්කය වී ඇත.
අන්තරය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු නැත. නමුත් අන්තර‍යේ බිද වැටීමක් හමුවේ හිස් වන අවකාශය පිරවීමට ස්වාධීන නොවුවත් ආණ්ඩු ගැති නොවන ශිෂ්‍ය ක්‍රියාකාරිත්වක් නොමැති වීම ඒකාධිපතියාට සහනයකි. ස්වාධීන මතවාදයට අනුව එක් වු බුද්ධිමය කතිකාවතට කැප වුණු ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්ධනය කළ 
අන්තරයද මෙහිදී තමන් අතින් සිදුවූ මුග්ධ පාපකර්මය තේරැම්ගත යුතුය.
එන්න එන්නම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාජ සන්දර්භය තුළ මතවාදීමය තලයක සිට ක්‍රියාකාරීවීම හීනව යයි.
නමුත් එහි අවසාන ඵලය ලෙස ඒකාධිපති පාලනයක සේයා මතු වෙමින් ඇත.

7 comments:

  1. sumana banda dissanayaka usas adyaapana amathi wenne ahamben nowe.ohu aanduwe inna adaksha kuseetha amathi samuhaya athara inna kaaryakshama gamekaarayeki.kumana adu paadu thibunaa unath ekadipathi samajayak thula anduwata baya nethiwa abhiyoga kireeme paurshaya pennum kara thibenne shishya viyapaarayai.paudgalika vishwa widyaala wenuwen prasiddiye kathaakala SB ta peradeniyedi hoo keema me wage kaleka kalaathurakin daknata labena radical siduweemaki.anduwa thamange lokuma gamekaarayek yodawa thibenne thamata sitina lokuma baadawak iwath karageneemataya.meya shishya vyaaparaya saha SB athara gala uda satanaki.eeta shishya vyaaparaya muhuna dena andama uda shishya vyaparaye witarak neme rateth ididriya boho durata redila thibenawa.

    ReplyDelete
  2. ඇත්තටම රාමා මේ දිහා බලා ගෙන ඉන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. සාමාන්‍ය මනුස්සය මේ දේ තේරුම් ගනිද්දි පරක්කු වැඩි වෙයි කියලයි බය තියෙන්නෙ.

    ReplyDelete
  3. විපක්ෂයක් නැති රටක මතවාදයක් ගෙනයා හැකි ඊලඟ පාර්ශවය ශිෂ්ය ප්‍රජාවයි...එස්.බීට හූ කීමෙන්, කුලපති හිර කිරීමෙන් ඇතිවන අයහපතක් මිස යහපතක් නම් මට නොපෙනේ...එවන් මෝඩ චූන් වලින් වන්නේ සමාජයට ශිෂ‍ය ප්‍රජාව පිලිබඳ ඇති අවිශ්වාසය තව තවත් වර්ධණය වීමය... දැන හෝ නොදැන අන්තරය කරන්නේ දිගින් දිගටම ආණ්ඩුවේ උගුලට අසු වීමය... විශ්ව විද්යාල පිලිබඳ වයිරයෙ බීජය සමාජගත කර අවසන්ය. පමාවී හෝ දැන් කල යුත්තේ නැවතත් පොදු ජනතාව අතරෙ විශ්ව විද්යාල පිලිබඳ හොඳ චිත්‍රයක් මැවීමය...

    ReplyDelete
  4. පුතා ගේ කතාව ඉතා අගයමි..........

    ReplyDelete
  5. පුතා ගේ කතාව ඉතා අගයමි..........නමුත් ප්‍රශ්ණය එස් බී බල්ලා ඕක දන්නා නිසා ඒක නොවෙන්නට හොඳටම වග බලා ගනී....ගණිකා මාධ්ය ජාලය ඊට ඉතා පහසුවකි....ඉතින් මොකද කරන්නේ...???? මර්වින් තිරිසන් බල්ලාගේ මෝඩ වැඩක් වත් මොලේ ඇතිව පාවිච්චි කරන්නට මේ දරුවනුත් කපටි විය යුතුය......එහෙම කපටි මොළයක් අපේ සරසවි දරුවන් බුද්ධිමත් උනාට නැත. කපටි කම් පුරුදු නොවී රට ගොඩ ගන්නට බැරි හැඩයි රජෝ.....මහින්ද නම් තිරිසනාගෙන් මේ රට බේරා ගන්නට කෙනෙක් තවම නම් නොපෙනේ..

    ReplyDelete
  6. වැඩක් නෑ කතා කරලා....සුදු වෑන් එවන්න බැරි නෑ..........

    ReplyDelete
  7. eelaga cabinet sanshodanayen SB wa usas adyapana amathikamen ain karanawa.mahindata ona de SB lawa dan karagena iwarai.01-wishwavidyalaya ha antharaya durwala kirima.02-SB wa pajatha kirima.me dekama dan siddawela iwaraine. anthareta kelinna gihin SB thamantama kelawagaththa kiyala SB thawama danne ne.Mona unath SB ta punchi hari janaprasadayak thibunane.dan mahinda ekath nathi kala.he he

    ReplyDelete