Monday, October 18, 2010

පුපුරා යාමට පෙර ලියමි

යුද්දෙ ඉවරයි. ඒත්..................
යුද්දෙ වෙනුවෙන් පෙනී හටපු යුද්දෙට පස්සෙ සද්දෙ දාපු අපි කවුරුවත් යුද්දෙන් පස්සෙ සුද්දෙ  එනව කියල හීනෙන්වත් නොහිතපු නිසා ඒත් කියල කියන්න හිතුවෙ නෑ.
ඒත් අපිට ඒත් කියන්න වෙලා.
මහින්දගේ පාලනය අද වන විට ශ්‍රී ලාංකික සමාජය සමග ඉතා තීරණාත්මක සෙල්ලමක් අරබා ඇත. මෙය තීරණාත්මක වන්නෙ එම සෙල්ලම ජය ගැනීමට යම් හෙයකින් මහින්ද සමත් වේ නම් එය ජනතාවගේ ඛේදාන්තය මෙන්ම සියවසක රජ සිහිනය මල් ඵල ගැන්වීමකි.
මේ තීරණාත්මක හෝරාවේ රජය සමාජය සමග අත්හදා බැලීමක් කරමින් සිටී. එහි විවිධ පියවරයන් අප ඉදිරියේ පෙනෙන්නට ඇත.

ෆොන්සේකා හිර කිරීම
පොස්ටර් ඇලවීම ත්‍රස්තවාදයක් ලෙස දැකීම
විශ්ව විද්‍යාල මර්දනය
අසීමාන්තික සුචරිතවාදී සංකල්ප නීති ලෙස සමාජගත කිරීම
මාධ්‍ය මර්දනය
මිලිටරි යාන්ත්‍රණය සිවිල් දේහය තුළට ප්‍රසාරණය

යනාදී පියවරයන් එකින් එකට ගෙන බැලුවහොත් මෙය මැනවින් පෙනෙනු ඇත.
ඒ අනුව යුද්දය හේතුවෙන් දැඩි ඉවසීමක් පෙන්වූ පොදුජන සමාජයට එම ඉවසීමට කරන කෙලහිගුණයක් ලෙස දැඩි පීඩනයක ගොදුරක් වීමට සිදුව ඇත. සරලව හිත හොද ගෑණි හැමදාම බඩ වීම යනු මෙයයි. නමුත් මේ පීඩනය පුපුරාගොස් සමස්ත සමාජ දේහමය ගබ්සා වී යාමට ඉඩ ඇත.
අසීමාන්තික ලෙස බලය ලුහුබදින මෙම රජය ඉන් සෑහීමකට පත් නොවී තවතවත් එය මත්තෙම දිවීම හා රජ පරපුරක සිහිනයක නිද්‍රාවීම මෙයට හේතුවයි.
මේ පීඩනය කොතරම්ද යත් පෙම් කිරීම සහ ප්‍රේමයේ හැසිරීම අපරාධයක් ලෙස හංවඩු ගැසීමට තරම් පාලකයන් අත්තනෝමතික සහ විලි ලැජ්ජා විරහිත වී ඇත.  නිදහසේ ලිංගිකව එක් වීමට පවා අයිතිය හා නිදහස ඇති ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ගිය උපකුලපති රැකීමට මේ පාලනය හෙලුවැල්ලේ දුවන්නේ එබැවිනි.
ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් වී ඇත. තව ටික දිනකින් ගැහැණියකගේ අතින් අල්ලාගෙන සිටීමට කසාද සහතිකය අවශ්‍යවනු ඇත. නැත්නම් හමුදාව ඔවුන් හකුලාගෙන යනු ඇත. තවද උපත් පාලන කොපුවක් මිලට ගැනීමට ග්‍රාම සේවක සහතිකයක් අනිවාර්ය වනු ඇත.

මේ පීඩනය පුපුරා යනු ඇත.

 ප්‍රභාකරන්ට එරෙහිව යුද්දය දිනා දුන් මහින්දට බෝ‍ධි පූජා පවත්වා සෙත් පැතූ ජනතාවකටම ඔහුට විරුද්ද වීමට සිදු වන දිනයක් එළිපත්තට පැමිණේ නම් එය දෛවය කළකණ්ණි ලෙස අපෙන් කරන පලිගැනීමක් වනු ඇත.
එසේ වන්නේ හිත හොද ගෑණි බඩ වීම යනු සල්ලාලකමට අත වැනීම නොවන බව පාලකයන් වටහා නොගැණීම නිසා ය.

2 comments:

  1. උඹලා යුද්දෙටත්, යුද්දෙන් පස්සෙත් සද්ද දැම්මානං දැං ඉතිං රිව්වේ ගලේ බව දැනගනිල්ලා......යකෝ, දෙමළ මැරෙන කොට උඹල උඩ පැන්නද??? ලැජ්ජ නැති හරක්....උන් මිනිස්සු නෙවෙයිද යකෝ...???? උන්ට හරෝපු තුවක්කු කටවල් තොපිට එනවා.....කාළකණ්නි කමට තොපිම තමයි මහින්දල, සරත් පොන්සේකල වගේ අමනුස්සයො වීරයො කරගෙන මිනී මැරුවෙ....දැන් තොපි මැරෙනකොට අඬන්න කවුරුත් නෑ යකෝ...අර අමන නාමල් බේබි එයි තොපේ මළ ගෙවල් ගානෙ......

    ReplyDelete
  2. ඔය හිතන විදියට මේක පුපුරන්නෙ නෑ යාළුවා...කුණු වෙවී ඔද්දල් වෙනවා මිසක් මේ කැපිටල් ආර්ථිකේ.....උඹලා මේක පුපුරනකං බලා ඉඳපල්ලා.....රෙද්ද යටින් කුණු ඕජස් ගලනවා මිසක් පුපුරන්නෙ නෑ බන්....

    ReplyDelete