Monday, November 1, 2010

රට කතාවක්

මේ දවස්වල විශ්ව විද්‍යාල තමයි ප්‍රධානම කතා තේමාව. ඉතින් ඒ ගැන ටැබූ රාමචන්ද්‍ර ලියපු දේවල් කියවල ඒ ගැන ලියන්න හිතා ගෙන ඉන්න කොට එකමත් එක රටකින් අහන්න ලැබුනු සිද්ධියක් ගැන ලියන්න හිතුන.
ඒ රට දුප්පත්. රජ පවුලක් තමයි ඒ රට පාලනය කරන්නෙ. රජතුමා ඒ රට ආශ්චර්යයක් කරන්න පුදුම මහන්සියක් ගන්නෙ. රටේ ගොඩක් මිනිස්සු ඒක දන්නව. ඒක දන්නෙ නැතුව රජතුමත් එක්ක තරහ වුනු ටිකම ටිකක් මිනිස්සුත් ඒ රටේ ඉන්නව.
ඉතින් ඔන්න ඒ රට දුප්පත් නිසා කොරියාව ද මොකක්ද කියල( හරියටම මතක නෑ) රටකට යන්න ඒ රටේ කොල්ලො පුදුම විදියට දගලන්නෙ. ඒ නිසා විභාගයක් තියල යන්න ඕන අය තෝර ගන්න ක්‍රමයක් ඒ රටේ තියෙනව. ඒ ක්‍රමේ තියෙන්නෙ රජ වාසලේ කේවට්ට උන්නාන්සෙලගෙ නියමයෙන්  අර කියපු රටට පලව හරින්නම ඕන කියල නියම නොකරපු වාසනාවන්තයන්ට.ඉතින් ඔය විභාගෙ තියන්න තෝරගෙන තිබුනෙ අගනුවර තියෙන ප්‍රසිද්ධ පාඨශාලා කිහිපයක්.
පුදුම විදියට කොල්ලො ඇවිත්. අතේ ගෙනියන දුරකථන ගෙනියන්න දෙන්නෙ නෑ කියල ‍එතන රජමාලිගාවට ගියා වගේ පරීක්ෂාව. යට ඇදුම් අස්සෙ සපත්තු මේස් අස්සෙ දාගෙන ඒව ගෙනියන්න හැදුව කියලයි ආරංචිය. එහෙම ගෙනියන්නෙ මොකටද කියල හොයල බලද්දි ඒ විභාගෙ ප්‍රශ්න වල‍ට උත්තර ඇස් ඇම් ඇස්  කරන හොර ක්‍රමයක් තියෙනවලු. එකට ඒ රටේ කාසිවලින් 30000ක් විතර යනවලු. මෝඩයො නේද එක ඇස් ඇම් එකකට එච්චර වියදම් කරන්න!!

ඔය අතරෙ සුදුපාට ඇදුම් ඇද ගත්තු අවු දාසයේ දාහතේ කොල්ලො හොරාට ඒ ජාතියෙ දුරකතන ඇතුලට ගිහින් දීල සල්ලි ගත්ත කියලත් ආරංචියි.

5 comments:

  1. ඉතින් ආශ්චර්යයක් කරන්න යන ඒ රටේ උදවිය ඇයි වෙන රටවල යන්න පොරකන්නෙ විභාගත් හොරකරල...

    ReplyDelete
  2. පට්ටයි...සුබ අනාගතයක්...මහ රජතුමාට ජය වේවා

    ReplyDelete
  3. නියම සංකල්පනාවක් !!!!! දිගටම ලියන්න මගෙන් සුබ පැතුම් !!!!!

    ReplyDelete
  4. ඔය කියාපු විබාගෙට නම දාගන්ටත් ලේසියෙං බැරිලු නේද? මං දන්න එකෙකුත් ඔය වගේ පිටුවහල් උනා. ඌට නම දාගන්ඩම සෑහෙන්ඩ මිරිකලා තව දොල පිදේණිත් දෙන්ඩ උනා.

    (වර්ඩ් වෙරිෆිකේෂන් බැරියර් එක අයිං කලොත් මොකද?)

    ReplyDelete
  5. රටේ අධ්‍යාපනය ගැනයි, උදුල් ල ඊගෙනගෙන නෑ කියන්න යි එන්නෙ මෙන්න මේ වගේ අය. මුන් මේ කොමෙන්ට් උන්ගෙ සයිට් වල දාන්න දෙන්නෙ නෑ

    *** ටැබූ උඹත් හරි උගතා නෙ? උඹ කෝච්චියක් අදින්න මිනිස්සු 8000ක් ඕන ය, කෝච්චි යනු රෝද නැති පෙට්ටි සියල්ල එකිනෙක හා වූ ඝනකයක් කියල උඹේ භොතික විද්‍යා දැනුමෙන් මේ බ්ලොග් එකේ ම ඔප්පු කළා නෙ? http://taboosubjects.wordpress.com/2009/10/02/02-18/

    ඇයි මේ කොමෙන්ට් දාන්නෙ නැත්තෙ? අයියෝ *විශ්ව විද්‍යාල කථිකාචාර්ය* නපුංසකයෝ, රට හදන්න කලින්, අනුන්ගෙ වැරදි හොයන්න කලින්, වීරයා වගේ රටේ ඉන්න හැම එකාට ම කුණුහරුප කියන්න කලින් තමන් ගැන බලාගනිං


    *සරල නිව්ටන් යාන්ත්‍රික විද්‍යාව වත් දන්නෙ නැති, කෝච්චිය ට රෝද තියනවා කියල නොදන්න උඹ කොහොමද භොතීය විද්‍යා ආචාර්ය කෙනෙක් උණේ? කාට පු* දීල ද? උඹ එනවනේ තව අනුන්ගෙ දැනුම ගැනයි, අධ්‍යාපනේ ගැනයි කථා කරන්න.

    වීර බ්ලොග් ටැබූ, තොට අම්මා පෙව්වෙ මව් කිරි නම්, තොට එරෙහිව තියෙන මේකත් දාපන් ***

    ---ටැබූ නිතරම මහාචාර්ය නලීන් ද සිල්ව ට පහර ගහන්නෙ ඇයි කියලත් දැන් හිතාගන්න පුළුවන්නෙ? දේශපාලන හේතු නෙවෙයි, පැහැදිලි ඉරිසියාව!

    ReplyDelete