අනේ අම්මේ!!!!
රත්නසිරි යනු කුමක් කළ ඇති මිනිහෙක් ද? රත්නසිරි අගමැති වූයේ රටට කර ඇති අතිදැවැන්ත මෙහෙය නිසා ද? නැත්නම් රත්නසිරි නම් ජාතිය ඉල්ලා සිටි නායකයා දැයේ පිනට පහළ වූ නිසා හොරණ ජනතාව ඇතුළු සමස්ත රටට ම ඔහු නොලදොත් මිය යන බවට උපවාස කළාද?
සිරිමාවෝ ගේ මරණයෙන් පසු රත්නසිරි අගමැති බවට චන්ද්‍රකා දාගත්තේ රත්නසිරි යනු කවදාවත් අනාගතයක් ඇති දේශපාලඥයෙකු නොවන නිසාත් ඔහු එහෙයි මැඩම් කියාගෙන කියන ඕනෑම වැඩක්( යට ඇදුමක් උවත් කිව් සැනින් හෝදන්නට සූදානම්) නියම හෙංචයියෙක් නිසාය. මන්ද යත් එදා මහින්ද වැනි කයිරාටිකයෙකු අගමැති කලා නම් චන්ද්‍රකාට උන්හිටි තැනුත් නැතිවන බව මැඩම් දැන සිටියාය. ප්‍රේමදාස ඩි බී මහත්තයා අගමැති කලේ ද මේ නිසාය.
ඉතින් පූරුවේ පිනකට රත්නසිරි අගමැති විය. 2001 දී රත්නසිරි පැරදුනා පමණක් නොව හොරණත් පරාදය. ඔහොම යද්දි ජේ වී පී නුල් සූස්තර නිසා 2004 චන්ද්‍රකා බලය ලබා ගත් අතර ඒ වෙද්දි රත්නසිරි පාර්ලිමේන්තුවේ නැත. අගමැති දෙන්නට චන්ද්‍රකා සොයන මොඩලයේ කෙනෙක් නැත. මේ අතර කදිරගාමර් නැමැති විශිෂ්ට දෙමළ නායකයා මෙයට නම් වන අතර කොහොම හෝ ලොකු ගේමකින් පසු විපක්ෂ නායකව සිටි මහින්ද අගමැති විය. එදා අගමැති නොවුනි නම් අද මහින්දට ඇඩ්රස් ද නැත.
2005 මහින්ද ජනාධිපති වූ පසු මුලින් අගමැති අපේක්ෂකයා වූ අනුර මහින්ද ට වැඩ කලේ නැති නිසා අගමැති කම දෙන්නට වෙන කෙනෙකු සොයන විට එවකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනවිත් තිබූ රත්නසිරිට මහින්ද අගමැතිකම දෙන්නේ මේ යකා අවුල් ගියත් තමන්ට අරින්නට තරම් පණ ඇති එකෙකු නොවන නිසාය.
නැවතත් රත්නසිරිගේ වාසනාව කැරකුනි. මේ අතර දි මු ලොක්කා නාහෙන් අඩන්නට ගත්තේය. නොගිය පන්සලක් නැත. නොකිව් නායක හාමුදුරු කනෙක් නැත. අනේ මට මැරෙන්න කලින් අගමැති වෙන්න ඕන!!!!
දි මූ අගමැති විය. රත්නසිරි පල්ලම් බැහීම පටන් ගත්තේ ය.
අද රත්නසිරි කෑගහන්නේ තමන් කවුද යන්න නොදැනය. අනෙක රත්නසිරි වැනි පින්බත් ගිලින රටේ දේශපාලනඥයන් සමස්තයක විලිලැජ්ජා නැතිකම ද රත්නසිරිගේ උඩ පැනීමෙන් අමු අමුවේ එළියට පැන ඇත. එනම් මහින්දගේ ආන්ඩුව තමන්ට කටු ලොවින්නට දෙන තෙක් එය රත්තරන්ය. මොන දහජරා වැඩක් කළත් එය රකියි. තවත් ආකාරයකට කිවහොත් මහින්දගේ අසූවි වුවත් මහදවල් මහ සන්දර්ශන පවත්වා රසකර කෑමට එක පයින් සූදානම්ය. නමුත් තමන් වාසි නොවන විට ................
සිරසට මේවා නිවුස් වුවත් මේ තුළ රෙදි නැතිව කරලියට එන්නේ අපේ දේශපාලනයේ පිලිකුල් සහගත යතාර්ථයයි. දැන් රත්නසිරි යු ඇන් පි ආන්ඩුවක් තමන්ගේ හුස්ම නවතින්ට පෙර එනකල් බලා සිටි. ඒ විගහට පනින්නටය. යු ඇන් පි යත් එදාට මිනිහා ගනු ඇත. ගාල්ලේ පියසේනකාරයාද ජේෂ්ඨ ඇමැතිකමක් ලැබීමෙන් තව හොරකම් කිරීමට නොහැකි වීමෙන් උදහස් වී සිටියද ගලේ රීපු බලළා මෙන් සිටින්නේ යු ඇන් පී ය බලවත් වූ ගමන් පැනීමටය. ඌ කොයිතරම් ජඩයෙකු වුවත් එදාට සජිත් වුවත් රනිල් වුවත් කරපිට තබා පියසේන තමන් වෙත ගනු ඇත. එදාට ගමේ උපන් දා සිට ශ්‍රී ලංකා වූ අහිංසකයන් බනිනු ඇත. උපන් දා සිට යූ ඇන් පී වූ අය පුදනු ඇත.
අනේ අපේ හීනයට කොයිතරම් තව දුරද??????
මේ මලකෝලං ගැන කල්පනාවීමත් අපේ පවට සිදුවෙන්නකි.
ReplyDelete