Monday, January 3, 2011

මාතෘ භූමිය

මාතෘ භූමිය කියන්නේ දේශපාලනඥයන්ට මෑතකාලෙ දි අහුවුණ මාර වචනයක්. පපුව ඉස්සරහට දාල මහ හයියෙන් මහ රජා ඔහොම කියද්දි දේශද්‍රෝහී හතුරන්ගෙ රෙද්ද පල්ලෙන් හුජ්ජ බේරෙන්නෙ බලා ඉදිද්දි.
විමල් සහෝදරය තමයි ඕක මුලින්ම මාර්කට් කලේ. ඒ කාලේ ජේ වි පී සහෝදරවරු විමල් කියන්නෙ දෙවියෙක් කියල විශ්වාස කරගෙන මිනිහහගෙ රන් කිරි කටගෑවෙ දේව සභාව මැද මහා සැණකෙළියකදි( හරියට හෙට අනිද්ද මොනරාගල මහ රජා තියන්න යනව වගේ එකකදි) කියලනෙ හිතා ගෙන හිටියෙ. ඉතින් මිනිහගෙ මේ වචනෙ නම් මාරයි කියල පක්ෂෙ කට්ටිය මාර ආතල් එකේ හිටියෙ.
ඒ දවස්වල විමල්ගෙ රැස්වීම්වලට හෝ ගාල සෙනග. මාතෘ භූමිය...............
චන්ද ගානකම විමල් මාර විදියට මේක මාකට් කලේ. මහින්දගෙ පළවෙනි චන්දෙදි විමල් ගිරිය කඩාගෙන මේක කියකිය කෑගැහුවෙ.
අම්මට සිරි අපේ රජා දක්සය. බලාගෙන හිටිය විමල මල්ලිගෙ ටෝක් එක. වැඩිපුරම කියවෙන්නෙ මාතෘ භූමිය. අල්ල ගත්ත වචනෙ. දැන් ඉතින් මහ රජ මොන රෙද්ද කියන්න ගියත් අතර මැදින් ලුනු ඇඹුල් වගේ දානව මාතෘ භූමිය.
විමල් මල්ලි ඇමති වුණා. නිවාස ඇමති වෙල මේ වචන දාද්දි පොඩ්ඩක් ගැළපෙන්නෙ නෑ වගේ. පවු අසරණය.
නගර සභා මන්ත්‍රිවරු අලුතින් ලැට් එකක් විවෘත කළත් දාන්න ගත්ත මාතෘ භූමිය. නියමෙට කියවෙනව. මාර ගැම්මක් එන්නෙ!
කැළණියෙ ගැමුණුත් මේ වචනෙ දාන්න ගත්ත. කරන තරමක් සක්කිලි වැඩ කරල දානව මාතෘ භූමිය පෙරටම. ගස් බදින්නෙ ඕක කිය කිය.
ඔටුන්න හිමි නාමල් රජ කුමරු තමයි දැන් මේක වැඩිපුරම දාන්නෙ. අනේ ඉතින් අපේ රජ පැටියට තරම් මාතෘ භූමිය ගැන කැක්කුමක් තියෙන්නෙ කාටද? අපෙ දෙයිය! බලන්න ඕන කියන ලස්සන. හරි හුරතල්.
මුන් කිසි බයක් හැකක් නැතිව මාතෘ භූමිය කියකිය දගලන්නෙ අපේ මාතෘ භූමිය මුන්ට ඕන හැටියට ඕන දෙයක් කරගන්න කියල ලියල ම දුන්නු අම්මගෙ අප්පගෙ බූදලයක් කියල හිතාගෙන.

1 comment:

  1. ඔබ කිව්වා වගේ ලංකාවේ වැඩිපුරම විකුණන දේ මාතෘභූමිය කියන වචනේ. විකුණපු උන්දලත් පරම්පරා ගණනකට ඇතිවෙන්න ශුද්ධ ලාභ උපයා ගනිමින් ඉන්නවා. හොඳ ලිපියක්.

    හැබැයි කසකාරයා මෙන්න මෙතන මොකද්ද පරහක් තියෙනවා.
    //මුන් කිසි බයක් හැකක් නැතිව "මාතෘ භූමිය" කියකිය දගලන්නෙ අපේ "මාතෘ භූමිය" මුන්ට ඕන හැටියට ඕන දෙයක් කරග...//

    (වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් ක‍ලොත් මොකද?)

    ReplyDelete