Tuesday, October 26, 2010

ගෙදර ගිහින්

ටිකෙන් ටික ඔන්න ගමට කිට්ටු කලා. ටිකක් පායනව. වෙල් වැඩත් ගජරාමෙට. ගෙදරට ගොඩ වුණ ගමන් කැම්පස් කචල් ගැන තමයි ඇහුවෙ. අපේ අයියා නිකන් මම වි සීට ගැහුවෙ මම ගානට කෑගැහිල්ල. මිනිහ ගෙදර අයගෙ ලේ උරුමෙ තදටම ඔලුවට ගහපු කොල්ලෙක්. කැපුවත් නිල්. වයස අවු 31යි. රස්සාවක් නැතිකම නිසයි අග හිගකම් නිසයි කෙල්ල ගේන වැඩේ දින නියමයක් නැතුව කල් දාල වෙලි වේලි ඉන්නෙ. වැඩේ කියන්නෙ මිනිහට රට මේ යන සිස්ටම් එක මරු. හේතුව ආණ්ඩුව නිල් පාටයිනෙ.
ඔන්න 7 විතර වුණා. හොද්ද එද එද හිටපු අම්ම කෑගහනව 3ට දාන්න කියල. ඔය අයි ටී එන් දාන්න කියල කියන්නෙ. ඒ ටයිම් එකට එකෙ මාර වැඩසටහනක් යනව. කට්ටිය ප්‍රවෘත්ති කියලත් මෙකට කියනව. මෙන්න එස් බී ලොක්ක කතා කරන්න ගත්ත. අම්ම ටි වි එක ලගට ආවෙ කැම්පස් කොල්ලන්ට බැන බැන. ඔය එස් බී එක්ක අපේ අම්ම මාර අවුලෙන් හිටිය කාලයක් තිබුණා.. එ අර චන්ද්‍රකා මැඩම්ගෙ ජංගිය ගැන කිව් දවසෙ ඉදල. එ කාලෙ අපෙ අම්මට මිනිහ අහු වුණා නම් ඉලපත් පාර කනව මැරෙනකම්ම. දැන්නම් මිනිහට අම්ම කියන්නෙ මහත්තය කියල!!!
පහුවෙනිද පෝය. මම පොඩි ට්‍රිප් එකකට අහුවුණා. ඒකෙ ගියා කැම්පස් එකේ පිකට් කරන තද පොරක්. මිනිහටත් ලොකු තේරුමක් නෑ කියලයි ම‍ට හිතුණෙ. බලය නිසා පොරක් වෙලා දගලනව මිසක් වෙන දෙයක් මිනිහගෙන් පෙනුනෙ නෑ.
සෙනසුරාද මම ගෙදරට වෙල හිටියෙ. ආව කැපුවත් කොල රනිල් පක්ෂෙ දාල ගියත් නොයන ජාතියෙ නෑයෙක්. පාරට බැහැපු කොල්ලො පිස්සො කියලයි මිනිහත් දේශනෙ දුන්නෙ.
කම්මැලිකමට දැම්ම ටි වි එක. මෙන්න මෑත කාලයෙ දැයට දායාද වූ සුන්දර හිතක් ඇති පුවත් මවන්නා ඊ ඒ පි දෙශප්‍රේමී නාලිකාවෙන් පෙන්න පෙන්න පුම්බනව. මේ මැරය දිහා බලන් ඉදල අපේ අයියට මාර ෆන්. ඌගෙ අම්ම අප්ප හදල දීපු මාලිගා ඌ යන එන වාහන ගැන චිත්ත රූප මවනව.
රෑ ලයිව් ඇට් එයිට් එකත් මාර ආතල් දෙන්නෙ. ප්‍රවෘත්ති කියන්නෙ මේවනෙ.
ඔන්න රෑ 10ට විතර අයි ටී එන් එකේ සංවාදයක් පටන් ගත්ත. එකට ආව උගත්තු කියපි නම් දේශපාලනෙ වෙන දේවල් කැම්පස් එවුන්ට වැඩක් නෑ. උන්ට තියෙන්නෙ ඉගන ගන්න විතරයි කියල. එහෙනම් මොන හත්තිලව්වකටද කැම්පස් උන්ගෙ නම්වලටත් ඡන්ද කාඩ් එන්නෙ!
ඉරිද දවල් ධම්ම මහත්තය ප්‍රතිභ මහත්තයත් එක්ක අයි ටී එන් එකට ආව. මෙන්න කියපි නම් බස්කාරයෙක් ලමයෙක් යට කරන් ගියහම පිකට් කරන එක තමයි ශිෂ්‍ය සටන් කියල.


ඔන්න ඕකයි තත්ත්වෙ.


පුපුරා යාමට පෙර ලියමි කියල ලිව්වට හොදටම ඇන්දගෙන ඉන්න වගේම අන්දවන මගඩිවලට අහුවෙන අපේ අහිංසකයො නැගිටින්න නම් වේල්තුනම කන්න නැතුව නන්නත්තාරම වෙන්න වෙයි කියලයි එන ගමන් මම කල්පනා කර කර ආවෙ. ඒකාධිපතියො ආවත් නිදහස නැති වුණත් මේ නොදන්න උන්ට අවුලක් නෑ.

2 comments:

  1. හරිම අපූරු පෝස්ට් එක . .

    මම එක දිගට කියවලා ඉවර වෙලා මදි පාඩුවට තව පාරක් කියෙව්වා . . .
    උඹ සරසවි සිසුවෙක් නම් මම උඹ ගන ආඩම්බර වෙනවා මල්ලී

    බොක්කෙන්ම ආඩම්බරයි . . .

    ඒ වෙන මොකක්වත් හින්දා නෙමේ උඹේ දෘෂ්ඨිය හොඳයි කියලා පේන නිසා. . .

    ඇහැ පේනවා කන ඇහෙනවා කියලා මට දැනෙන නිසා . .

    රැවටෙන්න එපා මලේ . .

    තාරුණ්යේ කැකෑරෙන රුධිරය කියලා කලු ගල් වල ඔලුව ගහ ගන්නේ නැතුව උඹලා වගේ බුද්දිය පාවිච්චි කරන්න පුලුවන් දරුවෝ ඔලු කටු පරිස්සම් කරලා තියා ගනිල්ලා . .

    අද ම නෙමෙයි හෙටත් ඒවා අත්‍යාවශ්‍ය වෙනවා . . .

    ඉව්සීමෙන් උපේක්ශාවෙන් බලන් ඉන්නා . .

    කුනාටුවකට නැමෙන්න පුලුවන් ගස් කඩන් වැටෙන්නේ නෑ . . දන්නවනේ . .

    උඹට ජය . .

    ReplyDelete
  2. මටත් අදයි මේ බ්ලොග් එක අහුවුනේ.
    හොඳ සටහනක්.
    දිගටම කියවන්න අඹ ගහ යට ට ලින්ක් කරන්නම්.

    ReplyDelete